Friday, October 20, 2017

නිතිය සැමට ( Law for All );- ඇටෝනි බලය. (Power of Attorney)



මේ අනුරාදපුරේ දිසා අදිකරණයේ විබාග වූ නඩුවක තීන්දුවට එරෙහිව කල අබියාචනයකි. මෙය පළමුව උතුරු මැද සිවිල් අබියාචන පළාත් මහා අදිකරණයේ අබියාචන අවස්ථාවකටද පසුව ශේෂ්ට්‍රදිකරණයට අබියචනයකටද බදුන් විය. අබියාචන අවස්ථා දෙකේදීම පැමිණිලිකරුට පක්ෂව දුන් දිසා අදිකරණ තීන්දුව ස්ථිර විය. 

අබියාචන කල හැක්කේ නිතිය පිළිබද කරුණක් සම්බන්දයෙන් පමණි. තවද මුල් අවස්ථා නඩු අසන අදිකරණයේදී ඉස්මතු නොකළ අලුත් කරුණක් අබියාචන අවස්ථාවේදී ඉස්මතු කල නොහැක. 

ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ මෙම අබියාචන නඩුවේ අංකය 130/2010 වේ. නඩුවේ තීන්දුව දුන්නේ 2017 . 09.19 වැනිදාය. ශේෂ්ට්‍රදිකරණයේ අබියාචන අවස්ථාවට පමණක් ගත වූ කාලය වසර 07ක්පමණ වේ. මෙම අබියාචන නඩුවේදී විත්තිය එනම් අබියාචක ඉස්මතු කල ප්‍රදාන කරුණු දෙක වියේ පැමිණිලිකරු ඇටෝනි බලකරුවකු මගින් පෙනී සිටීමත් ඔහු මියයාමෙන් පසුව අදෙෂකයෙකු ආදේශ කිරීමත්ය. 

මෙම ඇටෝර්නි බලකරුවකු පත්කරන්නේ 1902. අංක 02 දරන ඇටෝනි බල පත්‍ර අඥා පනතට අනුවයි. එය දෙවරක් සංශෝදනය වී තිබේ. ඒ 1913 අංක 09 සහ 1939 අංක 13 දරන සංශෝදන මගිනි. මෙම ඇටෝනි බලය නිතිග්නයකුට නීති නියෝජිතයකුට වෙනත් පුද්ගලයකුට තවත් පුද්ගලයකු මගින් මෙම ඇටෝනි බලය දි එමගින් යම් වැඩක් ක්‍රියාවක් වෙළදාමක් වියාපාරයක් කිරීමට බලය පැවරිය හැක. මෙම ඇටෝර්නි බලපත්‍රය සාක්ෂිකරුවන් දෙදෙනෙකු විසින් සහතික කල යුතු අතර එය නොතාරිස්වරයකු රෙජිස්ටර්වරයකු නියෝජ්‍ය රෙජිස්ටර්වරයකු ඕනෑම විනිසුරුවරයකුට හෝ මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ සහතික කල යුතුය. මෙසේ සකසන ඇටෝනි බලපත්‍රය රෙජිස්ටර් ජෙනරාල්වරයා හමුවේ අඥා පනතට අනුව ලියාපදිංචි කල යුතුව ඇත. ඇටෝනි බල කරුගේ සැම ක්‍රියාවකටම එය ප්‍රදානය කල පුද්ගලයා වග කිව යුතුව තිබේ. 

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හෝ යොමු වන්න.


මෙම අඥා පනතට යොමු වීමට පහත සබැදියාව වෙත යොමු වන්න.



No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...