Friday, September 1, 2017

නිතිය සැමට (Law for All);- හදුනාගැනීමේ පෙරෙට්ටුව (Identification Parade)



සාක්ෂිකරුවෙක් යම් පුද්ගලයකු ''දුටුවොත් හදුනා ගත හැකියයි'' පවසන විට ඒ අවස්ථාව සාක්ෂිකරුවන්ට ලබා දීම සදහා හදුනාගැනීමේ පෙරෙට්ටු පවත්වනු ලැබේ. මේ පිළිබද බලය ඇත්තේ මහේස්ත්රත්වරුන්ටය. මේ පිලිබදව ඉල්ලීම කරන්නේ පොලිසියයි. සැකකරුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සිටම ඔහුගේ අනන්‍යතාව හෙළිදරවු නොකළ යුතුය. ඔහුගේ හිසේ සිට පාදය දක්වා ආවරණය කර බන්දනාගාරයට ගෙන ගොස් බාර දිය යුතු අතර බනදනාගාරය ඇතුලතදී ඔහු හෝ ඇය ව අනෙක් සැකකරුවන්ගෙන් වෙන් කර තැබීම අවශ්‍ය වේ. පෙරෙට්ටුව පැවැත්වෙන දිනයේ එම සැකකරුව අදිකරණයට ඉදිරිපත්කල යුත්තේද හිසේ සිට පාදය දක්වා වසා ආවරණය කරන ලද වාහනයකින්ම ගෙන එම මගිනි. පෙරෙට්ටු පවත්වන ආකාරය ගැන සදහන් වන්නේ නඩු තීන්දු නිතියේය. එනම් එක් සැකකරුවකුට සාමාන්‍ය පුද්ගලයින් සය දෙනෙකු බැගින් තෝරා ගත යුතුව ඇත. මෙම තෝරාගැනීම කරන්නේ උසාවි බාරව සිටින පොලිස් නිලදාරියා විසිනි. එහිදී සැකකරුගේ වයස සහ ශරීර ප්‍රමාණය සැලකිල්ලට ගනු ලැබේ. හදුනාගැනීමේ පෙරෙට්ටුව පවත්වන්නේ ආවරණය කරන ලද කාමරයකය. එහි ඇතුලත සිදුවන දේ පිටත සිටින අයට නොපෙනිය යුතුය. සැකකරුව කිසිම අවස්ථාවක විවුර්ත අදිකරණයට ඉදිරිපත් නොකළ යුතු අතර පෙරෙට්ටු සදහා සැකකරුවන් වෙන වෙනම අදිකරණයට ගෙන ආ යුතුව ඇත. 

හදුනා ගැනීමේ පෙරට්ටුවක ක්‍රියාදාමය විස්තර කෙරෙන නඩු තීන්දුවක් පහතින් ඇත. එනම් සි එම් පෙරේරා එරෙහිව රජය නඩුවයි.


''1969.09.22 දින වැලිකඩ බන්දනාගාරයේ සිරකරුවකු මිය ගියේය. බන්දනාගාර නිලදාරීන් 11 දෙනෙකු මෙහි සැකකරුවන් විය. පොලිසියෙන් ලැබුණු බි වාර්තා සහ සාක්ෂි අනුව මහේස්ත්‍රාත් හුදුනා ගැනීමේ පෙරෙට්ටුවක් පැවැත්විණි. ''

ඉහත නඩුවට වෙනස් දෙයක් එනම් හදුනා ගැනීමේ පෙරෙට්ටුවේ කාර්යපටිපාටිය ගැන පහත නඩුවෙන් කියවේ. එනම් නීතිපති එරෙහිව ජෝශප් ඇලෝසියස් සහ තවත් අය නඩුවයි.


''මෙම නඩුවේදී මහා අදිකරණය චුදිත - වගයුත්තරකරුවන් තිදෙනෙකුට අදිචෝදනා ඉදිරිපත් කෙරිණි. ඒ නීතිවිරෝදී රැස්වීම සහ මංකොල්ලයක් සම්බන්දයෙනි. මෙහිදී හදුනාගැනීමේ පෙරෙට්ටුව ගැන සාකච්චා විය. එහිදී පෙරේරා එරෙහිව රජය නඩුවට වඩා වෙනස් දෙයක් සරත් නන්ද සිල්වා විනිසුරු ඉදිරිපත් කළේය.''

**''2008 දි කිත් නොයාර් පැහැරගෙන ගොස් පහර දුන්නේය. 2017 පෙබරවාරි 20 ඒ සම්බන්දයෙන් හමුදා සොල්දාදුවන් දෙදෙනෙකු සැක පිට අත්අඩංගුවට ගත් අතර ඔවුන් හදුනාගැනීමේ පෙරෙට්ටුවකට ගල්කිස්ස මහේස්ත්‍රාත් අදිකරණයට ගෙනා අයුරු ඉහත චායාරුපයේ දැක්වේ."**








No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...