Thursday, August 24, 2017

ජනතා අදිකරණය. (95) ;- බුද්දි ඉවන්තගේ නඩුව.



මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 126/2008 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. පෙත්සම්කරුවන් දෙදෙනෙකි. ඒ බුද්දි ඉවන්ත සහ ඔහුගේ පියා ජයන්ත ගුණසේකර යන අයයි. වගයුත්තරකරුවන් වුයේ මිටියාගොඩ පොලිසියේ නිලදාරීන් පොලිස්පති සහ නිතිපතිවරයාය. මෙය ශේෂ්ට්‍රදිකරන විනිසුරුවරුන් වන බි පි අලුවිහාරේ, උපාලි අබේරත්න සහ කේ ටි චිත්‍රසිරි යන ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ විරාන් කොරයා සමග නීතිඥ සරිටා ද ෆොන්සේකා සහ වගයුත්තරකරුවන් වෙනුවෙන් රජයේ නීතිඥ ඉඳුනිල් පුන්චිහෙවාද පෙනී සිටියහ. තීන්දුව දුන්නේ 2017.07.11 වැනිදාය. ඒ වසර 08 කට පසුවය.


මෙම සිද්දිය වන විට පළමු පෙත්සම්කරු 14 වියේ පසුවූ අම්බලන්ගොඩ නින්දාන මහා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ සිසුවෙකි. දෙවන පෙත්සම්කරු පළමු පෙත්සම්කරුගේ පියා විය. පළමු පෙත්සම්කරු නිවසේ සිටියදී වගයුත්තරාකාර පොලිස් නිලදාරීන් පැමිණ ඔහුගෙන් දෙවන පෙත්සම්කරු කොහේදැයි විමසා තිබේ. එවිට පළමු පෙත්සම්කරු දෙවන පෙත්සම්කරු සිටින කුබුරට යාමට සහයවීම උදෙසා වගයුත්තරකරුවන්ගේ වාහනේට නැග ඇත. ඉන්පසුව පොලිසිය පළමු පෙත්සම්කරු එනම් බුද්දිව මීටියාගොඩ පොලිසියට රැගෙන යන ලදී. 

පොලිස් ස්ථානයේදී බඩු දීපන් කියමින් බුද්දිට ඉතා දරුණු ලෙස වදහිංසා පමුණුවා තිබේ. ඒ අතර පයින් ගසමින් ඔහුව සපත්තු වලින් පැගිමද වේ. ඔහුට පොලු වලින් තට්ටම් වලටද ගසා ඇත. ලණුවකින් බල්කෙක එල්ලා ද පහර දි තිබේ. ඒ ගෙයක් කඩා සොරා ගත් රත්තරන් සහ සල්ලි ඉල්ලමිනි. ඉන්පසුව ඔහුව කුඩුවට දැමිණි. එහිදී පෙත්සම්කරු නිරීක්ෂණය කල දෙයක් විය. ඒ සතර වන වගයුත්තරකරුගේ නැනාගෙන් ඇගේ සුවමිපුර්ශයගෙන් සහ පුතාගෙන් ප්‍රකාශ ලබා ගන්නා අයුරුය. 

ඊලග දිනයේ පෙත්සම්කරුව බලපිටිය මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කල අතර ඇප මත මුදා හැරිණි. ඔහු බලපිටිය මුලික රෝහලට ඇතුලත්ව නේවාසිකව ප්‍රතිකාර ගත් අතර අදිකරණ වයිද්ය් නිලදාරී විසින් පරික්ෂා කරනු ලැබිණි. මෙම පොලිස් පහරදීම ඔහුගේ ශාරීරික සවුක්යට මෙන්ම මානසික සවුක්කයට්ද බලපාන ලදී. 

අදිකරණය තීරණය කලේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 12(1) වගන්තියේ සදහන් මුලික අයිතිවාසිකම් කඩ වූ බවයි. පළමු පෙත්සම්කරුට වන්දි නියම විය. ඒ තුවාල රෝහල් ගත කිරීම විදි වේදනාව සහ අවමානයටයි. 1, 2, සහ 3 වගයුත්තරකරුවන් රුපියල් 1,00,000 බැගින් ලක්ෂ 03 ක්ද ගාස්තු ලෙස රුපියල් 25,000 /= බැගින් එක් අයෙකු රුපියල් 75, 000 ක්ද ගෙවිය යුතු විය.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...