Wednesday, July 19, 2017

නිතිය සැමට (Law for All) ;- මංකොල්ලයක් සමත මණ්ඩලයට දැමිය හැකිද? (Can a robbery refer to the mediation board?)


මිට පෙර ලිපියක වදහිංසා පැමිණවීමක් පොලිසිය විසින් සමත මණ්ඩලයට දැමීම සාකච්චා වුනි. වර්තමානයේ සමත මණ්ඩලයට යොමු කළහැකි වැරදි පිලිබදව සාකච්චා වූ ශේෂ්ට්‍රදිකරන නඩු තීන්දුවක් තිබේ. එහි අංකය SC/APPEAL ;- 71/2010  වේ. ඒ පිළිබද ශේෂ්ට්‍රදිකරන තීන්දුව දුන් දිනය  2017.06.30 වේ. 

එහිදී ප්‍රකාශ වුයේ මන්කොල්ලකැමක් සමත මණ්ඩලයට යොමු කල හැකි බවට මහාදිකරන විනිසුරු දුන් අබියාචන තීන්දුව වැරදි බවයි. ඒ තිස්සමහාරාම මහේස්ත්‍රාත් අදිකරණයේ තීන්දුවකට එරෙහිව කල අබියාචනයකදීය. ශේෂ්ට්‍රදිකරණය මෙම මහේස්ත්‍රාත් තීන්දුව යලි ස්ථාපිත කෙරිණි. 

ශේෂ්ට්‍රදිකරණය කිවේ මහාදිකරන විනිසුරුවරයා බරපතල වැරැද්දක් නිතිය සම්බන්දයෙන් කර ඇති බවයි. තවද මෙම සමත මණ්ඩල පනත කෙටුම්පත් කර සමත කිරීමේදී මෙවැන්නක් විවස්ථාදායකය විසින් බලාපොරොත්තු නොවන්නට ඇති බවයි. වැඩි දුරටත් ප්‍රකාශ වුයේ මේ තත්වය නඩු පමාවටද හේතුවක් වී තිබෙන බවය. 

මේ පිළිබද නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න. කලින් ලියු ලිපියේ සැබදියාවද පහතින් ඇත. 




No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...