Thursday, July 6, 2017

ජනතා අදිකරණය (93) ;- ''ගුද මාර්ගයෙන් හෝස් බටයක් යවා වද දුන්'' නඩුව.


මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 430/2005 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. පෙත්සම්කරු ඉබ්බාගමුවේ පදිංචි මනෝජ් තලිස්ය. වගයුත්තරකරුවන් වුයේ ගොකරැල්ල පොලිසියේ එවකට ස්ථානදිපති ඇතුළු නිලදාරීන් පොලිස්පති සහ නිතිපතිවරයාය. මෙය විනිසුරු සිසිර ජේ ද අබ්රු විනිසුරු උපාලි අබේරත්න විනිසුරු නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. තීන්දුව දුන්නේ 2017.06.02 වැනිදාය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ශාමල් ඒ කොල්ලුරේ සමග නීතිඥ ඒ පි ජයවීර යන අයද වගයුත්තරකරුවන් වෙනුවෙන් ජනාදිපති නීතිඥ උදිත ඉහලහේවා සමග නීතිඥ විශ්ව විමුක්ති සහ රජයේ ජෙෂ්ට නීතිඥ නයෝමි වික්‍රමසේකර යන අය පෙනී සිටියහ. 

2005.09.24 පෙත්සම්කරුව අත්අඩංගුවට ගෙන ගොකරැල්ල පොලිසියට රැගෙන ගියේය. ඔහුට දරුණු ලෙස වදහිංසා පමුණුවනු ලැබිණි. එම වදහිංසා පැමිණවීමේ ක්‍රම අතර ගුද මාර්ගයෙන් එස් ලෝන් බටයක් යැවීමද වේ. පෙත්සම්කරුට අත්අඩංගුවට ගැනීමේ හේතුව කිවේ නැත. 

පෙත්සම්කරුව අදිකරණ වයිදය නිලදාරී පරික්ෂා කරනු ලැබිණි. එම විද්‍යා වාර්තාව පෙත්සම්කරු වගයුත්තරකරුවන්ට එරෙහිව ගෙන එන චෝදනා වලට සහය දැක්වීමක් විය. තවද ඔහුගේ සිරුරේ සටහන් වදහිංසාව සමග ගැලපුණු බව එම වාර්තාවේ සදහන් විය. 

මෙහි වගය්ත්තරකරුවන් මිට පෙර මෙම කරුනටම මහාදිකරණයේ වරදකරුවන් වී තිබිණි. මෙය මේ අදිකරණයේදී උගත් ජනාදිපති නීතිඥවරයා ප්‍රතික්ෂේප කලේ නැත. 

ශේෂ්ට්‍රදිකරණය පෙත්සම්කරුගේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ වගන්ති 11, 12(1), 13(1) සහ 13(2) සදහන් මුලික අයිතිවාසිකම් කඩවූ බව තීරණය කළේය. 

පෙත්සම්කරුට හිමිවූ වන්දිය ලක්ෂ 05 කි. එය මෙම තීන්දුව දුන් දිනයේ සිට මාස තුනක් ඇතුලත ගෙවිය යුතු විය. තවද මෙම නඩුවේ පිටපතක් පොලිස්පතිට සහ නීතිපතිට යවන්නයි නියෝග කෙරිණි.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න. 





No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...