Sunday, June 4, 2017

නිතිය සැමට (Law for All) ;- වදහිංසාව (Torture)


මේ 1994 අංක 22 දරන වදදීමට සහ අනිකුත් කෘර අමානුෂික හෝ නින්දිත සැලකීමට හෝ දඩුවම් වලට එරෙහිවූ සම්මුතිය පනතයි. මේ පිළිබද සම්මුතියක් 1984 දෙසැම්බර් මස 10 වන දින නිවුයෝක් නගරයේදී අත්සන් කරනු ලැබිණි.

මේ පනත යටතේ වරදක් සිදු කිරීමට තැත් කරන සිදුකිරීමට ආදාර හා අනුබල දෙන එමෙන්ම සිදු කිරීමට කුමන්ත්‍රණය කරන යම් තැනැත්තකු මේ පනත යටතේ වරදකට වරදකරු විය යුතුය. 

අදාල අදිකරණය මහාදිකරණය වේ. දඩුවම අවුරුදු 07 ට නොඅඩු සහ අවුරුදු 10 ට නොවැඩි කාලයක් බන්දනාගාර ගත කිරීමට සහ රුපියල් දස දහසකට නොඅඩු සහ රුපියල් පනස් දහසකට නොවැඩි දඩයක් වේ.

වදහිංසා පැමිණවීම සංඥය වරදක් සහ ඇප දිය නොහැකි වරදකි. යුද්දමය තත්වයක් යනාදිය පවත්නා විට හෝ උසස් නිලදරයෙකුගේ නියමයක් මත හෝ කරන ලද යම් ක්‍රියා මේ පනත යටතේ වරදක් සම්බන්දව විත්ති වාචකයක් නොවේ.

වදදීම යනු කුමක්ද?

යම් තැනැත්තකුට දැඩි ශාරීරික හෝ මානසික වේදනා ගෙනදිමකි. එය පහත සදහන් කාර්යන් සදහා සිදුවිය යුතුය. එනම් යම් පුද්ගලයකුගෙන් තොරතුරක් හෝ පාපොච්චාරණයක් ලබා ගැනීම යම් පුද්ගලයකු කරන ලද බවට සැක කෙරෙන යම් ක්‍රියාවක් සදහා ඒ තැනැත්තාට දඩුවම් කිරීම සදහාද යම් පුද්ගලයකුට බිය ගැන්වීම හෝ ඔහුට බල කිරීම සදහා වෙනස්කම් කිරීම මත පදනම් වූ වෙනත් හේතුවක් නිසා කරන්නා වූ ක්‍රියාවක් වේ.

මේ සැම අවස්ථාවකම වදදීම රාජ්‍ය නිලදාරියකු විසින් සිදු කල යුතුය. 

1 comment:

  1. කරුණු පැහැදිලි කිරීම නං හොඳයි ඒත් අකුරු නං පට්ට වැරදී
    පුලුවන් විදියට හදාගන්න බලන්න
    අධිකරණය
    නිව්යෝක්

    ReplyDelete

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...