Tuesday, June 20, 2017

නිතිය සැමට (Law for All );- කලාවරෝදය (Prescriptive Title)


මෙය අදාළ වන්නේ නිශ්ශල දේපල වලටය. එයට බලපාන නිතිය 1889 අංක 02 දරන කලාවරෝදී අඥා පනතයි. එම දේපල වෙනත් අයකුගේ අයිතියට ප්‍රතිවිරුද්දව වසර 10 කට වැඩි කාලයක් අකණ්ඩව නිදහස්ව සහ නිරවුල්ව බුක්තිවිද තිබිය යුතුය. එවිට කාලාවරෝදී අයිතියක් හිමි වේ. 

මෙම අඥා පනතේ 03 වන විදිවිදානය අනුව නිශ්ශල දේපලක් හිමිකර ගැනීමට ප්‍රදාන වශයෙන් සපුරාලියයුතු සාදක 03 ක් හදුන්වා දි ඇත. ඒවා නම්,

1. අදාල දේපල නිදහස් හිමිකමක් මත බුක්ති විදිය යුතුය.
2. එම බුකිතිය නොකඩවා නිරවුල්ව නිදහස්ව පැවතිය යුතුය.
3. එම බුක්තියේ ආයු කාලය වසර 10 ට වැඩි විය යුතුය.

මෙසේ කලාවරෝද අයිතියක් ඉල්ලා සිටින අයකුට නාමික අයිතියක් ලබා ගැනීමට හැකි ඔප්පුවක් ලෙස ප්‍රකාශන ඔප්පුව දැක්විය හැක. 

 එම ඔප්පුවේ මෙසේ සදහන් වේ.

''පරිසිද්දත්මකව එකී ප්‍රකාෂකරු වන මම මෙහි උපලෙකනයේ වඩාත් විස්තරකර ඇති ඉඩම සහ පරිශ්‍රය සැම සියලු දෙනාගේම අයිතීන්ට ප්‍රතිකුලාව සහ මටම ආවේනික පුර්ණ නිදහසින් නොකඩවා නිරවුල්ව පසුගිය වසර 30 කට අදික කාලයක් බුක්ති විද අනන්‍ය ප්‍රයුක්තිය ලබා ගතිමි.''

මේ පිළිබද ශේෂ්ට්‍රදිකරණය දුන් වැදගත් අබියාචන නඩු තීන්දුවක් ඇත. එහි මෙසේ සදහන් වේ. 

''When a person starts possessing in immovable property with lease and licence of the owner, the presumption is that he continues to posses the immovable property on the permission originally granted and such a person or his agents or heirs cannot claim prescriptive title against the owner or his heirs on the basis of the period he possessed the property.''

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න. 

http://www.supremecourt.lk/images/documents/sc_appeal_129_2013.pdf

උපුටා ගැනීම් - එදිනෙදා ජිවිතයට නිතිය - නීතිඥ කපිල ගාමිණි ජයසිංහ 
දේපල හිමිකරණය නිතිය සහ නොතාරිස් අත්පොත - කේ ප්‍රැන්සිස් ජේ පෙරේරා

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...