Monday, June 19, 2017

නිතිය සැමට ( Law for All );- කෙවිටය. (Caveat)


යම් පුද්ගලයකුට යම් දේපලක් අයිතියයි සිතමු. එම දෙපලට යම් අගතියක් සිදුවන බවට දැන ගත් විට එනම් ඒ පිළිබද අයිතියට බලපෑමක් වන විට එම පුද්ගලයාට එයින් ආරක්ෂා වීමට කෙවිටයක් දැමිය හැක. මෙය දමන්නේ ඉඩම හෝ දේපල පිහිටා ඇති ප්‍රදේශයට අයත් ඉඩම් ලියාපදිංචි කිරීමේ රෙජිස්ටාර් කාර්යාලයේය. මෙයට යම් ගාස්තුවක් අය කරනු ලැබේ. 

ඉන්පසුව එම දෙපලට අදාලව යම් පුද්ගලයකු යම් ඔප්පු ලියාපදිංචියක් කරන විට ඉඩම් ලියාපදිංචි කිරීමේ රෙජිස්ටාර් වරයා ඉඩමට බැදියාවක් පවතින පුද්ගලයා දැනුවත් කරයි. ඊට පසුව නිශ්ශිත කාලයක් තුල ඉඩමට බැදීමක් අයිති පුද්ගලයා නිසි අදිකරණයක නඩු පැවරිය යුතුව ඇත. ඒ පිලිබදව ඉඩම් රෙජිස්ටාර්වරයා දැනුවත් කල යුතුය. එසේ නොකරන්නේනම් කෙවිටය බල රහිත වේ.

මෙම කෙවිටය මගින් ඉඩම හෝ දේපල අයිති පුද්ගලයා මෙන්ම එය මිලදී ගනු ලබන පුද්ගලයාත් ආරක්ෂා වේ. කෙවිටය දමන පුද්ගලයා කෙවියට්කරු ලෙස හදුනා ගැනේ. මෙම කෙවියටයට දේපල පිළිබද නිශ්ශිත විස්තරයක් ඇතුලත් කල යුතුය. එයට සාක්ෂිකරුවන් දෙදෙනකු අත්සන් කල යුතුව ඇත.


No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...