Thursday, June 8, 2017

කුවන්ජු පිබිදීම කොමියුනිස්ට් කාරයින්ගේ වැඩක්ද? (Guwangju Uprising An Act of Communists?)



කුවන්ජු දකුණු කොරියාවේ පිහිටි සය වෙනියට විශාලතම නගරයයි. එහි මැයි 18 සිට 27 දක්වා ජනතා පිබිදීමක් ඇති වුනි. මෙය මැයි 18 ප්‍රජාතන්ත්‍රවාදී පිබිදීම, කුවන්ජු ප්‍රජාතන්ත්‍රවාදී වියාපාරය සහ ඔයිල් පල් (518) ලෙස හදුන්වනු ලැබේ.

මෙම පිබිදීමේදී මියගිය පුද්ගල සන්කයාව 606 කි. කුවන්ජු ජනතාව ආයුද අතට ගනු ලැබිණි. ඒ දේශීය අවි ගබඩා සහ පොලිස් ස්ථාන වලින් සොරා ගත් අවි ආයුද වේ. මෙසේ වුයේ ආණ්ඩුවේ හමුදා චුන් දෝ හොන්ගේ ආණ්ඩුවට එරෙහිව විරෝදතා දැක්වූ චෝනම් විශ්ව විද්‍යාලයේ සිසුන්ව මර්දනය කිරීමට එරෙහිවය. ආණ්ඩුවේ හමුදා ඉතා බරපතල අන්දමට සිසුන්ව මර්දනය කරනු ලැබිණි. ඔවුහු පහර දීමෙන් වෙඩි තැබීමෙන් සිසුන්ව මර්දනය කළහ. මියගිය සිසු සන්කයාව 200 ක් පමණ වන බවට වාර්තා වේ.

චුන් ඩො හොන් බලයට පත් වෙන්නේ හමුදා කුමන්ත්රනයකිනි. ඒ 1979.12.12 වැනිදාය. මෙමගින් එනම් 1979.10.26 දින බලයේ සිටි ජනාදිපති පාර්ක් චුන් හි මරා දමනු ලැබිණි. ඔහු මෑතකදී දෝෂාබියෝගයකින් ඉවත් කල ජනදිපතිනි පාර්ක් ගුනේගේ පියා වේ. මෙම ගාතනයෙන් පසුව දකුණු කොරියාවේ ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ වියාපාරය ඇරබිනි. එනම් හමුදා නිතිය ඉවත් කරන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය, අවම වැටුප්, මාද්‍ය නිදහස ඉල්ලමින් ශිෂ්‍ය සංගම් තම විරෝදතාව පවත්වනු ලැබිණි.

මෙම ජනදිපතිවරයාගේ (චුන්දු ඩො හොන්) කාලය තුල මෙම පිබිදීම හැදින්වුයේ කොමියුනිස්ට්රකායින්ගේ සහ කැරලිකරුවන්ගේ විප්ලවයක් ලෙසයි. නමුත් අදටත් කුවන්ජු වැසියන් තරයේ කියා සිටින්නේ මෙය කොමියුනිස්ට් හෝ වෙනත් කැරලි කණ්ඩායම් වල වැඩක් නොවන බවයි. එය ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස මර්දනය කිරීමට විරුද්දව ක්‍රියාත්මක කල සාදාරන වියාපාරයකි. තවද එය දියත් කලේ ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන චෝනම් ජනතාවය.

මෙම පිබිදීම අසාර්ථක වුවද එය දකුණු කොරියාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සන්වර්දනයේ සංදිස්ථානයක් වේ.

මැයි 18 අනුස්මරණ පදනම මෙහි ප්‍රතිපලයකි. එය 1994 අගෝස්තු 30 පිහිටවනු ලැබිණි. එහි එක අරමුණක් වන්නේ විශේෂයෙන් ආසියාව තුල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමයි. ඔවුන් කරන එක ඉල්ලීමක් නම් කුවන්ජු මස් වැද්දා(චුන් ඩො හොන්) නැවත අත්අඩංගුවට ගෙන සිපිරි ගෙට යවන ලෙසයි.

දකුණු කොරියානු ජනතාව ඉතිහාසය අමතක නොකිරීම තවත් එක් සුවිශේෂී ලක්ෂණයකි. එය ඔවුන්ගේ වේගවත් අද්යාත්මික සහ බවුතික සන්වර්දනයේ රහස ද වේ. ඔවුන් නිරතුරුව ලේ තැවරුණු ඉතිහාසය සිහිපත් කරති. 

හැටේ දශකයේ දකුණු කොරියාව ඉතා දියණු තත්වයට පත් විය. වර්තමානයේ ආසියාවේ දියුණුම රටවල් 04 අතර දකුණු කොරියාවද සිටි. ඒවා වන්නේ සිංගප්පුරුව, තායිවානය, හෝන් කොන් සහ දකුණු කොරියාවයි.






No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...