Monday, May 29, 2017

නිතිය සැමට (Law for All) ;- නඩත්තු (Maintenance)


මේ 1999 අංක 37 දරන නඩත්තු පනත පිළිබද කෙටි සටහනකි. ලංකාවේ වර්තමානයේ නඩත්තු සම්බන්දයෙන් බලපාන නිතිය මෙම පනතයි.

සුවාමි පුරුෂයාට හෝ බිරිදට නඩත්තු ඉල්ලා සිටිය හැක. එනම් කලත්රයාටය. මෙම නඩත්තු ලබාදීම තීරණය කරන්නේ මහේස්ත්රත්වරයාය. එහෙත් යම් කලත්රයකු අනාචාරයේ හැසිරීම සහ අන්යෝන්ය කැමැත්තෙන් වෙන්ව ජිවත් වන විට මෙම නඩත්තු නොලැබී යයි.

ළමුන් ( විවාහයෙන් උපන්, විවාහයෙන් නුපන් සහ දරුකමට හදා ගත් ) නඩත්තු කිරීමට දෙමාපියන්ට අඥා කල හැක. තවද තමා විසින් නඩත්තු කල නොහැකි වියපත් දරුවන් (අවුරුදු 18 -25 අතර) සහ  ආබාදිත දරුවන් නඩත්තු කිරීමට දෙමාපියන්ට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කල හැක.

නමුත් විවාහයකින් නුපන් ළමයකු, වියපත් දරුවකු සහ ආබාදිත දරුවකුගේ නඩත්තුව සම්බන්දයෙන් මහේස්ත්‍රාත්වරයා ආඥාවක් නිකුත් කරන විට ප්‍රබල සාක්ෂි මගින් මවුපිය බාවය තහවුරු කලයුතු වේ. 

මෙම ආඥාව තවදුරටත් ඔවුන් ළමයකු වියපත් දරුවකු ආබාදිත දරුවකු නොවන විට බලරහිත සහ අවලංගු වේ.

යම් ළමයකු හෝ ආබාදිත දරුවකු වෙනුවෙන් නඩත්තු ඉල්ලීම ඔවුන් විසින්ම හෝ බාරකාරත්වය දරන තැනැත්තකු විසින්ද වියපත් දරුවකු වන විට ඒ වියපත් දරුවා විසින් හෝ ඔහු හෝ ඇය වෙනුවෙන් ඕනෑම තැනැත්තකු විසින්ද කලත්රයකු වන විට ඔහු හෝ ඇය විසින්හෝ  වෙනත් ඕනෑම තැනැත්තකුට ඉදිරිපත් කල හැක. 

මෙම ඉල්ලීම ඉදිරිපත් කරන මහේස්ත්‍රාත් අදිකරණය කුමක්ද? ඉල්ලුම්කරු හෝ ඉල්ලීම කරන තැනැත්තා හෝ ඉල්ලීම කරන තැනැත්තාට එරෙහිවද ඔහු හෝ ඇය පදිංචි ප්‍රදේශයේ බලය ඇති මහේස්ත්‍රාත් අදිකරණය වේ.

නඩත්තු ආඥාවක් යටතේ යම් ගෙවීමක් සිදුකිරීම පැහැර හැරිම කරන පුද්ගලයකුගේ ඉල්ලීමක් මත මහේස්ත්‍රාත්වරයාට අදාල තැනැත්තා වැඩ කරන ස්ථානයේ සේවා යෝජකයාට අදාල තැනැත්තා සම්බන්දයෙන් ක්‍රියා කිරීමට වැටුප් තහනම් කිරීමේ ආඥාවක් නිකුත් කිරීමේ හැකියාව ඇත.

නඩත්තු ආඥාවක් සම්බන්දයෙන් හෝ ඒ පිලිබදව කරනු ලබන සැම ඉල්ලීමක්ම දිවුරුම් ප්‍රකාශයක් මගින් ඉදිරිපත් කළයුතුව තිබේ.

මහේස්ත්‍රාත්වරයාගේ නඩත්තු ආඥාවකින් අතෘප්තිමත් පුද්ගලයකුට පළාත්බද  මහදිකරණය වෙත අබියාචනයක් කල හැක. එම පළාත්බද මහාදිකරන තීන්දුවෙන් අතෘප්තිමත් අයකුට ශේෂ්ට්‍රදිකරණයට අබියචනා කල හැක. මේ සදහා ශේෂ්ට්‍රදිකරණයේ අවසර ගත යුතු අතර එම අබියාචනය නිතිය පිළිබද ප්‍රශ්නයක් මත පදනම් විය යුතුය.


No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...