Thursday, May 11, 2017

නිතිය සැමට ( Law for All ) ;- අපේක්ෂිත ඇප ( Anticipatory Bail )


ඇප යනු කුමක්ද? බ්ලක්ගේ නීති ශබ්ද කෝෂයේ අර්ථකථනය පහත පරිදිය. එනම් අනාගතයේ උසාවියට පැමිණීම සහ අදිකරණ කටයුතු වල දිගටම රැදී සිටීම සදහා එය සහතික කරමින්චෝදනාවකට වරදකරුවකු නිදහස් කිරීම වේ. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඇප වලට අදාල නිතිය වන්නේ 1997 අංක 30 දරන ඇප පනතයි. එහි දෙවන පරිච්චේදයේ මෙසේ සදහන් වේ. එනම් ඇප දීම රීතියයි. ඇප නොදීම වියතිරෙකයයි. 

අපේක්ෂිත ඇප යනු කුමක්ද? යම් පුද්ගලයකු ඇප දිය නොහැකි වරදකට අත්අඩංගුවට ගැනීමේ වාතාවරණයක් පවතින විට අදාල පුද්ගලයාට එයින් නිදහස ලබා ගැනීමට අපේක්ෂිත ඇපයක් අදාල වරද සිදුවූ ස්ථානයේ පොලිස් ස්ථානයට දැනුම්දීමක් සහිතව අදාල ප්‍රදේශයේ මහේස්ත්‍රාත් අදිකරනයට ඉල්ලීමක් ඉදිරිපත් කල හැක. 

මෙම ඉල්ලුම් පත්‍රය අපේක්ෂිත ඇප ඉල්ලා සිටින පුද්ගලයා දිවුරුම් ප්‍රකාශයක් සමග ඉදිරිපත් කල යුතුය. එයට මහේස්ත්‍රාත් අදිකරණය දින 07ක් ඉක්ම යාමට පෙර පරීක්ෂණයක් පැවැත්විය යුතුය. එම පරීක්ෂණය සිදු කරන දිනය ඉල්ලුම්කරුට සහ අදාල පොලිස් ස්ථානයේ ස්ථානදිපතිව දැනුවත් කල යුතුව තිබේ.

මහේස්ත්‍රාත් අදිකරණය මෙම පරීක්ෂණයේදී ඉල්ලුම්කරු හෝ ඔහුගේ නීතිඥයා අදාල පොලිස් ස්ථානයේ ස්ථානදිපතිට ඇහුම්කන් දීමෙන් අනතුරුව අපේක්ෂිත ඇප පිළිබද නියෝගය නිකුත් කල යුතුව තිබේ.

අපේක්ෂිත ඇප ලබා දෙන විට මහේස්ත්‍රාත්වරයා පහත නියෝගද කල යුතුව ඇත. සවස 06 සිට උදැසන 06 දක්වා කාලය අතහැර පොලිස් ස්ථානයේ ප්‍රශ්න කිරීම් වලට සහබාගි විය යුතුය. තවද ඔහු හෝ ඇය සාක්ෂිකරුවන් අදාල වෙනත් පාර්ශව වලට මැදිහත් කිරීමෙන් තර්ජනය කිරීමෙන් සහ බියව්ද්දීමෙන් වැළකිය යුතුව තිබේ. යුක්තියටද බාදා නොකල යුතු බව මහේස්ත්‍රාත්වරයා නියෝග කල යුතුව ඇත. 

පුද්ගල නිදහස ගරු කිරීමෙහිලා වර්තමාන ඇප පනත ඉතා දියුණු නීති තත්වයක් ලෙස සැලකිය හැක. 

1 comment:

  1. බොහොම වටින ලිපියක් දිගටම ලියන්න.

    ReplyDelete

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...