Sunday, April 9, 2017

කොරියානු දිනපොත (Korean Diary);- නිමාව (End)




අන්නයා හසයෝ (සුබ දවසක්)

මම කොරියාවේ මාස 08 ට වැඩි කාලයක් ගත කලෙමි. නිතර අසනීප නොවන්නට මෙය මට ඉතා සතුටුදායක කාල පරිච්චේදයක් වුනි. කොරියානු ජනතාවගේ මිත්‍රශීලි බව අන්‍යන්ට උදවු කිරීමේ ගුණය කිසිදා මට අමතක නොවුනු ඇත. මෙම රට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රජතන්තරවාදී වේ. කුවන්ජු සැලකෙන්නේ මානව හිමිකම් වල හදවත ලෙසයි. ඉතින් එවන් රටකින් සමුගැනීමට සිදුවීම යම් කනගාටුවක්ද ඇති කරයි.

මෙම මාස 08 කට වැඩි කාලය තුල ලැබූ අත්දැකීම් අපමණය. සුවිශේෂී සිදුවීම් ලෙස මැයි ඇකඩමිය වින්ටර් ස්කූල් දැක්විය හැක. ඒවා සංවිදාන කරන හැටිද ඉගෙන ගතිමි.

ජෙජු දුපත වෙත යාම සහ දේශ සීමාවට යාම අමතක නොවේ. ජෙජු දුපතට යාමෙන් සංහිදියාව ගැන ඉගෙන ගතිමි. ලේ තැවරුණු ඉතිහාසය අමතක නොකිරීම මට හැගෙන හැටියට දකුණු කොරියාවේ සංවර්දනය මානව හිමිකම් ප්‍රජාතන්ත්‍රවාදය සහ නිතිය මත පාලනයේ රහස වේ. ඔවුන් නව තාක්ෂනය යොදා ගෙන මෙම එතිහාසික ස්ථාන සංවර්දනය කර ඇති අයුරු ඒ පිළිබද කවුතුකාගාර සහ අනෙකුත් සිහිවටන ඉතා ආශ්චර්යමත් බව කිව යුතුය. 1980 මැයි 18 පැරණි සහ නව සුසාන බුමි දෙක ද අමතක නොවේ. ඒවා මතකයට නැගුවේ ලංකාවේ අතුරුදහන් වුවන්ගේ සිහිවටනයයි.

ගිය සිකුරාදා පොලිසියට අදිකරණයට සහ මානව හිමිකම් කොමිසමට යාම දැනුම් සම්බාරයක් සහ අත්දැකීම් රැසකට හේතු විය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ නිතිය මත පාලනය ස්ථාපිත කිරීමට යම් හෝ කර්තවියක් ඉටු කිරීමට මේ දැනුම් සම්බාරය අනාගතයේදී ඉවහල් වනු ඇත. 

මැයි 18 කාර්යාල පරිශ්‍යය ඉතා සන්සුන්ය. කාර්යාලයේ වැඩ කරන සොයුරු සොයුරියන් ඉතා කාර්යබහුල ලෙස උදේ 9 සිට සවස 6 දක්වා වැඩේ නිරත වේ. මෙහි මට අමතක නොවන කාර්යාල සගයින් ලෙස චෝයි මහතා, අන්නා, දා සෝම්, සොන්හි හැදින් විය හැක. මෙම මාස 08 ක කාලය තුල මා වැඩ කලේ විදායක අද්යක්ෂක කිම් යන්රේ, අදයක්ෂක හන් සහ සම්බන්දිකාරක යු ඉන්රේ යන මහත්ම මහත්මීන්ගේ උපදේශකත්වය හා මාර්ගෝපදේශකයන් යටතේය. ඔවුන් සියලු දෙනා ඉතා කාරුණික වන අතර මැනවින් පිරිස් කළමනාකරණය ගැන දනිති.

මෙහි ඇගිලි සලකුණු මැෂිමක් ඇත. අප වද පැමිණ මාස තුනකට පසුව එයට හදුන්වා දෙනු ලැබිණි. කාර්යාල වෙලාව උදේ 9 ත් සවස 06 ත් අතර වේ. මැෂිමට මගේ දබර ඇගිල්ල සහ මැද ඇගිල්ල වැඩ කලේ නැත. පසුව එයට මහපට ඇගිල්ල හදුන්වා දෙනු ලැබිණි. එය වැඩ කළේය. මා දින 53ක් වැඩට පැමිණ නොමැති බව එහි සනිටුවහන් විය. එය වැරදීමක් විය. සමහර විට එය මැෂිමේ වරදකි. මට හවස් කාලයේ මෙම මැෂිමට ඇගිලි සලකුණු තැබීම බොහෝවිට අමතක වුනෙමි. මේ තත්වයන් තුල පරිපාලන දෙපාර්තමේන්තුව මා සමග අමනාප වුවාදැයි මම දන්නේ නැත. අවසානයේ දින 53ක් මා කාර්යාලයේ සිටි බව ඔප්පු කිරීමටද සිදු විය. එයට සැම දිනකම සවස 5.30 ට අද්යක්ෂකට ලබා දෙන වැඩ වාර්තාව තිබුණි.

මම මගේ සියලු අත්දැකීම් කොරියානු දිනපොත හරහා ඔබ සමග බෙදා හදා ගත්තෙමි. ඉතින් එය නිමා කර මෙය සමුගැනීමට කාලයයි.

ඊට පෙර මා කුවුදැයි කියමි. එහිදී මට මේ ස්ථානයට ඒමට උදවු කල සියලු දෙනා මතක් කරමි. මා මේ ගමන ආවේ තනියම නොවේ. බොහෝ පිරිසක් උදවු කළහ. ඒ අතර මගේ දෙමාපියන් ඥාතීන් සහ නිදහස් අද්‍යාපනය වේ. මේ අවස්ථාවේ පානදුර සුමංගල බාලිකා විද්‍යාලය, කොලබ විශ්ව විද්‍යාලය, විවුර්ත විශ්ව විද්‍යාලය සහ නීති විද්‍යාලය ඉතා ආදරයෙන් සිහිපත් කරමි. පානදුර ජනසන්සදයට හොන්ග්කොන් ආසියානු මානව හිමිකම් කොමසමට ජිනීවා හි IBJ සන්විදානයට කුවන්ජු හි මැයි 18 අනුස්මරණ පදනමට මා නය ගැති වෙමි. මම වුර්තියෙන් නීතිඥවරියකි. මානව හිමිකම් ක්‍රියාකාරිනියකි.

අවසානයේ වැදගත් වන්නේ හොද ජිවිතයක් ගත කිරීම පමණි.

කම්සා මිදා (ස්තුතියි.)

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...