Monday, April 24, 2017

නිතිය සැමට ;- වදහිංසාව සමත මණ්ඩලයට දැමිය හැකිද?


වින්දිතයා මහින්ද රම්යජිව වේ. හෙතෙම විවාහක තිදරු පියෙකි. පානදුර මහේස්ත්‍රාත් උසාවියේ අංක 43642 නඩුවට අදාලව කළුතර රක්ෂිත බන්දනාගාරයේ සිටියේය. එහිදී අමානුෂික වදහින්සාවට පාත්‍ර වුනි. ඔහුගේ බිරිද මේ පිලිබදව මානව හිමිකම් කොමිසමට සහ බන්දනාගාර කොමසාරිස් ජෙනරාල්ට පැමිණිලි කරනු ලැබිණි. ඔහුට ඇප හිමි විය. 

ඔහු පානදුර මුලික රෝහලේ අංක 01 වාට්ටුවේ 2017.04.05 සිට 2017.04.09 දක්වා නේවාසිකව ප්‍රතිකාර ගනු ලැබිණි. විශේෂඥ අදිකරණ වයිද්යවරයා ඔහුව පරික්ෂා කර ඇත. රෝහල්ගතව සිටියදී කළුතර උතුර පොලිසිය ඔහුගෙන් ප්‍රකාශයක් ගෙන තිබේ. 

2017.04.20 දින සවස 2 ට ඔහු කළුතර පොලිසියට කැදවිමකට අනුව ගිය අතර වදහිංසා පැමිණවූ ජේලර් සිල්වාද පැමිණ ඇත. පැමිණිල්ල මෙහෙය වූ සුළු පැමිණිලි අංශයේ නිලදාරියා පවසා සිටියේ මෙය සමත මණ්ඩලයට යොමු කරන බවයි. 

මෙය කිසිසේත් සුළු තුවාල සිදු කිරීමක් නොවේ. එහෙයින් කිසිසේත් සමත මණ්ඩලයට යොමු කල නොහැක. වදහිංසා පැමිනවිමකි.

මේ ගැන රම්යජිව නැවත කළුතර උතුර පොලිස් ස්ථානාදිපතිට ලිකිතව පැමිණිලි කළේය. ඒ 2017. 04. 21 වන දින දිය.

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...