Wednesday, April 5, 2017

ජනතා අදිකරණය (90) ;- කිරිබත්ගොඩ පොලිසියේ වදහිංසා නඩුව.


මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 09/2011 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරන්සය වේ. පෙත්සම්කරුවන් වුයේ ලක්ෂ්මන් ද සිල්වා සහ අජන්තා විරසින්හය. වගයුත්තරකරුවන් වුයේ කිරිබත්ගොඩ පොලිසියේ ස්ථානදිපති, සෙසු නිලදාරීන්, බි කාමර්, පොලිස්පති සහ නිතිපතිවරයාය. එය විනිසුරු වනසුන්දර විනිසුරු උපාලි අබේරත්න විනිසුරු එච් එන ජේ පෙරේරා යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ පුලස්ති හෙවමන්න නීතිඥ සුලක්ෂණ සෙනානයකද 01 සිට 04 දක්වා වගයුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ ජගත් අබේනායක 6 සිට 8 දක්වා වග යුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ නයෝමි වික්‍රමසේකර යන අයද පෙනී සිටියහ. තීන්දුව ලබා දුන්නේ 2017.03.03 වැනිදාය. තීන්දුව ලීවේ එච් එන් ජේ පෙරේරා විනිසුරු වන අතර එයට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය හිමි විය.

කිරිබත්ගොඩ පොලිසිය පොලිසියට ගිය දෙවන පෙත්සම්කරියව අත්අඩංගුවට ගනු ලැබිණි. එහිදී පොලිස් නිලදාරීන් මෙන්ම කාන්තා පොලිස් නිලදරියක්ද ඇයට පහර දෙනු ලැබිණි. ඒ පළමු පෙත්සම්කරු එනම් ඇගේ සැමියා සොරකමක් ගැන සැක කොටය. අදිකරණය ඇගේ අත්අඩංගුවට ගැනීම නීතිවිරෝදී බව තීරණය කළේය. නමුත් වදහිංසා පැමිණවීම ඔප්පු නොවිණි. එනම් වයිදය සාක්ෂි සහ දිවුරුම් ප්‍රකාශ නොමැති බැවිනි. 

පසුව ඇගේ සැමියා එනම් පළමු පෙත්සම්කරුව අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහුගේ අත්අඩංගුවට ගැනීමද නීතිවිරෝදී විය. එනම් අත්අඩංගුවට ගැනීමේ හේතුව පොලිසිය ඔහුට සදහන් කලේ නැත. ඔහුව දරුණු වදහින්සාවට පාත්‍ර කෙරිණි. එම වදහිංසා අතර රත්වූ අගුරු වලින් ඔහුගේ කකුල් වල ඇගිලි සහ පුරුෂ ලිංගය පිළිස්සීම වේ.

පළමු පෙත්සම්කරුගේ අංක 11 සහ 13 (2) වගන්ති වල සදහන් 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ එන මුලික අයිතිවසිකම් සහ දෙවන වගයුත්තරකරුගේ 13(1) වගන්තියේ සදහන් අයිතීන් වගයුත්තරකරුවන් උල්ලන්ගනය  කල බව තීරණය කෙරිණි. 

රජයට පෙත්සම්කරුවන්ට වෙන් වෙන්ව රුපියල් 50000 බැගින් වන්දිද නඩු ගාස්තු රුපියල් 25,000 ක්ද 1 සිට 4 වගයුත්තරකරුවන්ට දෙවන පෙත්සම්කාරියට වෙන්වෙන්ව රුපියල් 25,000 බැගින් වන්දිද 2 සිට 04 වගයුත්තරකරුවන්ට පළමු පෙත්සමකරුට වෙන්වෙන්ව රුපියල් 100000 බැගින් වන්දිද ගෙවීමට නියම විය. සියලු ගෙවීම් මෙම තීන්දුව දුන් දිනයේ සිට මාස 03 ක් ඇතුලත ගෙවිය යුතු විය. තවද මෙම නඩුවේ පිටපත් නීතිපතිවරයාට සහ පොලිස්පතිට යවන ලෙස ශේෂ්ට්‍රදිකරණයේ රේජිස්ටර්ට නියෝග කෙරිණි. ඒ වදහිංසා පැමිණවූ පොලිස් නිලදරිනට එරෙහිව වැඩි දුර විමර්ශන සදහා වේ. 

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බාෂාවෙන් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. කිරිබත්ගොඩ පොලිසිය හා වත්තල පොලිසිය බොහෝ ලගින් යන පොලිසි දෙකක්. හරියට කතා කරන්නවත් නොදන්නා නුගත් රැලක්.

    ReplyDelete

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...