Monday, March 20, 2017

කොරියානු දිනපොත (Korean Diary);- එළවලු පමණක් ආහාරයට ගැනීම. (Eating Vegetarian in Gwangju)


මට අද උදේ චෝයි මහහා සගරා දෙකක් ගෙන දුන්නේය.  ගිය සතියේ එම සගරාවේම වෙනස් කලාපයක් මට දාසොම් ගෙනත් දුන්නාය. ඒ Guwangju News යන්නයි. ඒවා ඉතා හොද නිමාවකින් යුක්ත වේ. මෙම සගරාව කොරියාවේ පළමු දේශීය ඉංග්‍රීසි සගරාව වේ. එය පළමු වරට මුද්‍රණය වුයේ 2001 වසරේදීය. එහි දේශීය හා කලාපිය ප්‍රවුර්ති සටහන් වේ. 

එහි 2017 ජනවාරි කලාපයේ එක ලිපියක් වුයේ කුවන්ජු හි එළවලු පමණක් ආහාරයට ගැනීමයි. එම ලිපිය ලියා තිබුනේ සහ චයාරුප ගෙන තිබුනේ සෙං දෙඅන්ජෙලෝ නැමැත්තා විසිනි. 

'' කුවන්ජු හි කීදෙනෙක් එළවලු පමණක් ආහාරයට ගන්නේද? එළවලු පමණක් ආහාරයට ගන්නා අයට එය කුවන්ජුහි ලෙහෙසි පහසු කාර්යක් නොවේ. එයට විසදුම තමන් විසින්ම උයා පිහා ගැනීමයි. වෙනත් සම්මුතියක් නැත. කිම්චි ඉතා සවුක්ය සම්පන්න ආහාරයකි. එය එළවළුවක් වුවද එයට මුහුදු ආහාර සමහර විට මිශ්‍ර කෙරේ.''

මෙම සගරාව ඉතා වටිනා එකක් වන අතර කුවන්ජු ගැන බොහෝදේ ඉගෙන ගත හැක. විදෙස් පුවත්ද ආවරණය කර ඇත. 


No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...