Tuesday, October 18, 2016

කොරියානු දිනපොත (Korean Diary) ;- මොබයිල් ෆොන් (Samsung Galaxy Grand)



දකුණු කොරියාවේ ජිවත්වන විට නිල හැදුනුම්පතක් අවශ්‍ය වේ. එයට එලියන් කාඩ් ඒකකයයි කියනු ලැබේ.

මට ලංකාවෙන් එන විට තිබුනේ සෝනි ස්මාට් ෆෝන් එකකි. මෙහෙ ඇවිත් සිම් කාඩ් පතක් ගත්තෙමි. ඒ සදහා කොරියන් බාෂාව දන්නා කෙනෙකු සමග යායුතු විය. ඔහු කාර්යබහුල චෝයි මහතාය. ඔහුට මගේ ඉල්ලීම ඉටු කිරීමට සිදුවුයේ දින දෙකකට පසුවය. මා සිතුවේ ඔහු උදවු කරන එකක් නැතිය කියාය. අවසානයේ ඔහුගේ උදවුව ආශ්චර්යමත් එකක් විය.

සිම් කාඩ් පතින් සහ ගත්ත පැකේජයෙන්අවසර ලැබුනේ කොරියාව ඇතුලත දුරකථන ඇමතුම් සදහා පමණි. ජාත්‍යන්තර ඇමතුම් සදහා වයි ෆයි අවශ්‍ය වේ. එය මගේ පරණ ස්මාට් ෆෝන් එකෙන් කල නොහැක්කක් විය.

මම දුරකථන බාවිතය අමතක කර හිත හදා ගැනීමට උත්සහ කලෙමි. කොරියානු සගයෙකු පැවසුවේ මෙහේන් අලුත් ෆෝන් එකක් ගන්නේ නම් එය ලංකා මුදලින් රුපියල් 40,000ක් පමණ වනු ඇති බවයි. මම එවැන්නක් නොගැනීමට තීරණය කල අතර ලංකාවට එන්න ආසන්නයේ ටැබ් එකක් ගැනීමට තීරණය කලෙමි.

ඒ සමගම චෝයි මහතා මට කතා කර කිවේ ස්මාට් ෆෝන් එකක් තිබෙන බවත් එය ලංකාවේ මුදලින් රුපියල් 5000ක් පමණ වන බවයි. ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කලේ එය කලින් පාවිච්චි කල එකක් බවයි. මා බලමු කීවිට ඔහු කිවේ එතෙක් කලක් එම ෆෝනය නොතිබෙන බවයි. සැනින් මා ඔහු සමග ගොස් එම ෆෝනය චාජර් එක මිලදී ගත් අතර පසුව කවරයක් මිලදී ගතිමි.

මගේ ෆෝනය දැන් ඉතාම හොද තත්වයේ තිබේ. ඒහි සියලු ස්තුතිය හිමිවිය යුත්තේ චෝයි මහතාටය. ඔහුද ඉතාම කාර්යබහුල පුද්ගලයෙකු වේ. මගේ ෆෝනය සැම්සුන් ගැලැක්සි ග්රෑන්ඩ් වර්ගයේ එකකි.

මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ කොරියානු ජනතාව තවත් මනුෂයෙකුට උදවු කිරීමට කොතරම් කැමතිද යන්නය.

1 comment:

  1. NOTE 7 එකේ අර්බුදයෙන් පස්සේ SAMSUNG ඉල්ලුමට ප්‍රශ්ණයක් වෙලා නැද්ද, කොරියාවේ?

    ReplyDelete

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...